Study tools How to Use Pricing FAQs
About Contact Learning Center Community
Community  ›  Help  ›  Discussion

Discussion · Help

හොඳ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඉක්මනින් පිළිතුරු ගන්න ක්‍රමය

KD Jayakody · 6 hours ago · Oct 31, 2026 1:09 AM

About

CategoryHelp
Views10
Replies1
Likes0
StartedOct 31, 2026

Stay respectful

No spam, no personal details, no exam-misconduct content. Report abuse to the admin team.

K
KD Jayakody
6 hours ago
Help
ප්‍රශ්නයක් අහන එක හොඳයි. ඒත් ඒක හොඳට අහන්න පුළුවන් නම් ඉක්මනින් නිවැරදි පිළිතුරු ලැබෙනවා. අනිත් යාළුවන්ට ඔයාට උදව් කරන්නත් ලේසි වෙනවා. හොඳ ප්‍රශ්නයක ලක්ෂණ: 1. නිවැරදි Category එක තෝරන්න O/L, A/L, Papers, Short Notes, Help වගේ ඔයාගේ ප්‍රශ්නයට ගැළපෙන Category එකක් තෝරන්න. එතකොට ඒ ගැන දන්න අයට ඉක්මනින් දකින්න පුළුවන්. 2. පැහැදිලි මාතෘකාවක් දෙන්න "උදව් කරන්න" වගේ මාතෘකාවකට වඩා මෙහෙම මාතෘකාවක් හොඳයි: "A/L Combined Maths: Integration පාඩමේ Substitution ක්‍රමය තේරෙන්නේ නෑ". 3. ඔයා උත්සාහ කළ දේ කියන්න "මම මේ ක්‍රමය උත්සාහ කළා, ඒත් මෙතනදී හිරවුණා" කියලා කිව්වාම උදව් කරන කෙනාට ඔයාට ඕන කොටස හඳුනාගන්න පුළුවන්. 4. හිරවුණු තැන පැහැදිලිව ලියන්න ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ලියන්න, නැත්නම් ප්‍රශ්න අංකය සහ වර්ෂය සඳහන් කරන්න. උදා: "2023 O/L Science, ප්‍රශ්නය 14". 5. කරුණාවෙන් ප්‍රතිචාර දක්වන්න උදව් කරපු අයට "ස්තූතියි" කියන්න. පිළිතුර ප්‍රයෝජනවත් වුණා නම් Like එකක් දාන්න. 6. අනිත් අයටත් උදව් කරන්න ඔයා දන්න ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න. උගන්වන එකෙන් ඔයාගේම දැනුමත් ශක්තිමත් වෙනවා. මතක තියාගන්න: ඔයාගේ පෞද්ගලික තොරතුරු (ෆෝන් අංක, ලිපිනය) මෙතන පළ කරන්න එපා. ඔයාගේ ප්‍රශ්නය දැන්ම අහන්න, අපි උදව් කරන්න සූදානම්!

Discussion1

↓ Reply
B
bawantha Dulara · 5 hours ago

මේක ඇත්තටම වැදගත් topic එකක්. ගොඩක් වෙලාවට අපි "මේක තේරෙන්නේ නෑ" කියලා විතරයි අහන්නේ. ඒත් අපිට තේරුණ කොටසයි, හිරවුණු තැනයි පැහැදිලිව කිව්වොත් උදව් කරන කෙනාටත් ලේසියි. විශේෂයෙන්ම Maths වගේ විෂයකදී තමන් උත්සාහ කරපු steps ටිකත් දාන එක හොඳයි නේද?

Join the discussion

Sign in to reply — it takes less than a minute.